Friday, May 17, 2024

General line - 0115112241

පුද්ගලයෙකු ඝාතනයකට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට




කලුතර, තෙබුවන, ක්ලෝඩන් වත්ත ප්‍රදේශයේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කලුතර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

 
නෑබඩ ප්‍රදේශයේ පදිංචි කන්දසාමි පිරබාගරන් නමැති 40 හැවිරිදි තිදරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධ වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.