Friday, May 17, 2024

General line - 0115112241

පාසල් සිසුන් අතර අයිස් භාවිතය ප්‍රචලිත බවට කීම පිටුපස දේශපාලන අරමුණක්




පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇති බවට පළ වන වාර්තා පිටුපස දේශපාලන අරමුණක් ක්‍රියාත්මක බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

එහි සභාපති මහාචාර්ය සමාධි රාජපක්ෂ සඳහන් කළේ මේ වන විට රට තුළ දුම්වැටි, දුම්කොළ හා මත්පැන් භාවිතය පහළ ගොස් ඇති බවයි.

එවන් පසුබිමක් තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවට සිදු කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධය හමුවකට එක් වෙමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය සමාධි රාජපක්ෂ සඳහන් කළේ. 


කෙසේ වෙතත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පාසල් දරුවන් ඇබ්බැහි වී ඇති බවට වාර්තා කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතීඥ ශාක්‍ය නානායක්කාර පැවසුවේ.