Friday, May 17, 2024

General line - 0115112241

යුරෝපා සංචාරකයින් 500ක් රැගත් නෞකාවක් ත්‍රිකුණාමල වරායට




යුරෝපා රටවල  සංචාරකයන් පිරිසක් රැගත් එම් වී සිල්වර් ස්ප්‍රිට් නැමැති මගී නෞකාව අද ත්‍රිකුණාමල වරාය වෙත ළඟා වුණා.

සංචාරකයින් 516 දෙනෙකු රැගත් මෙම නෞකාව වරාය අධිකාරියට අයත් අශ්රොප් ජැටියට වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 


ත්‍රිකුණාමලය වරායට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් රැගෙන පැමිණි විශාලතම මගී නෞකාව මෙය බවයි වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා සඳහන් කළේ.  


මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයන් ත්‍රිකුණාමලය, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර හා පොළොන්නරුව යන ප්‍රදේශවල එක්දින සංචාරය කිරීමෙන් අනතුරුව තායිලන්තය බලා පිටත්විමට නියමිත බවයි නේවාසික කළමණාකාර සමන් පෙරේරා පැවසුවේ. 


මෙම නෞකාව ත්‍රිකුණාමල වරයාට පැමිණ යළි පිටත්වීම දක්වා සිදුකිරී්මට නියමිත මෙහෙයුම් කටයුතු වලින් ත්‍රිකුණාමල වරායට පමණක් රුපියල් ලක්ෂ 21ක පමණ ආදායමක්  ලැබෙනු ඇති බවයි වරාය අධිකාරියේ ත්‍රිකුණාමල නේවාසික කළමණාකාර සමන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.