Monday, May 20, 2024

General line - 0115112241

ආදායම් බදු අය නොකර ගන්නා ඛාණ්ඩ කිහිපයක් ගැන අනාවරණයක්




ජනතාවගෙන් අය කරගන්නා බදු ඉහළ දමා රජය ඇතැම් ක්‍ෂේත්‍ර සදහා බදු සහන ලබාදී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඇතැම් සමාගම්වලට වසර 12 කට අධික කාලයක් බදුනොගෙවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

බදු ආදායම ඉහළ දැමීමට රජය ක්‍රියාකලයුතු ආකාරය පිළිබදව ද ඔහු මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් පවතින දුර්වලතා හා දූෂණය හේතුවෙන් රජයට නිසි පරිදි බදු එකතු කිරීමට නොහැකි වී ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් වැඩිදුරටත් පෙන්වා දුන්නේ