Monday, May 20, 2024

General line - 0115112241

රාජ්‍ය විගණනය කඩාවැටීමේ අවදානමක




රජයේ ආයතන තුළ ස්ථාපිත විගණන ශාඛා 361 න් 178 කම විගණන අධිකාරි තනතුර පුරප්පාඩුව පවතින බව ශ්‍රී ලංකා විගණන සේවා පරීක්‍ෂණ සේවා සංගමය පවසනවා.

එම සංගමයේ සංවිධායක ලේකම් එච් යූ කේ හේරත් පැවසුවේ අදාළ තනතුර සදහා පත් කිරීම් සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවීම ඊට හේතුව බවයි.

පවතින ගැටළු හේතුවෙන් රාජ්‍ය විගණන කටයුතු අඩාලවීමේ අවදානමක්ද පවතින බවයි ශ්‍රී ලංකා විගණන සේවා පරීක්‍ෂණ සේවා සංගමයේ සංවිධායක ලේකම් එච් යූ කේ හේරත් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.