Monday, May 20, 2024

General line - 0115112241

නගර කිහිපයකදී අද රුපියල් 55 ට බිත්තර




කොළඹ අවට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ලොරි රථ මගින් රුපියල් 55 මිලක් යටතේ අද දිනයේදී බිත්තර අළෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ලොරි 20 කින් එම මිල යටතේ බිත්තර අළෙවි කිරීමට නියමිතයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, හෝමාගම නගරවලදී සහ මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවලදී එලෙස බිත්තර අළෙවි කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

ඊට අමතරව වත්තල, ජාඇල, රාගම, හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ යන නගරවලදී බිත්තර අලෙවි කිරීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවති  පසුගිය 26 වනදා පැවති සාකච්ඡාවකදී බිත්තරයක් රුපියල් 55ක මිලකට අළෙවි කිරීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් එකඟතාව පළ කළා. ඒ අනුව  බිත්තර නිෂ්පාදකයින් සංගම් ලොරි රථවලින් අද බිත්තර අළෙවි කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.