Monday, May 20, 2024

General line - 0115112241

තෝරාගත් පිරිසකට ආධාර දෙනවාට ගොවීන්ගෙන් චෝදනා




ආසියානු සංවර්ධන බැංකුව මඟින් ගොවීන්ට ලබා දෙන ආධාර තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ මේ හේතුවෙන් වී වගා කරන බහුතර ගොවීන්ට එම ආධාර නොලැබෙන බවයි. 

මසකට හිමිවන රුපියල් 15,000ක එම මුදල ගොවීන්ට ප්‍රමාණවත් නොවන බවද ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවා.