Monday, May 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි වෛද්‍ය සංගමයක් කියයි




නිසි අනුමැතියකින් තොරව තෝරාගත් ඉන්දියානු ඖෂධ සමාගමක් හරහා මෙරටට ඖෂධ ගෙන්වීමට කටයුතු කරන පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය පවසනවා.

එහි සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව පැවසුවේ  ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එම අමාත්‍යංශයේ ඊට වගකිව යුතු නිළධාරීන්ට එරෙහිව කටයුතු කරන බවයි. 

මේ ඒ පිළිබඳ වැඩිදුරත් අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය ජී ජී චමල් සංජීව.