Monday, May 20, 2024

General line - 0115112241

ඩුබායි සුද්දා අත්අඩංගුවට




ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශයේ නිළධාරීන් විසින් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පුහුණු, ගාමිණී සෙනරත් යාපා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පුද්ගලයන් විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සිය කාර්යාංශයේ බලපත්‍රයක් ලබා ගෙන නොතිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

පුද්ගලයින් විදෙස් රැකියා සඳහා යොමු කරන බවට ඩුබායි සුද්දා සමාජ මාධ්‍ය ජාලා හරහා දැනුවත් කර තිබුණා.

ඒ අනුව සිය කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පුහුණු, ගාමිණී සෙනරත් යාපා වැඩිදුරටත් පැවසුවේ.