Monday, May 20, 2024

General line - 0115112241

සියලුම ළමා නිවාස නියාමනය කිරීමට යයි




දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම සඳහා මෙරට සියලුම ළමා නිවාස නියාමනය කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ළමා නිවාසවල රඳවා ඇති  දරුවන් වධහිංසාව හා අතවරයට පත්වන සිද්ධීන් රැසක් මෑතකදී වාර්තාවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. එවැනි හිංසා වළක්වා ගැනීම සඳහා දැඩි නීති පනවා සියලුම ළමා නිවාස නියාමනය කෙරෙනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකට එක්වෙමින් මේ බව සඳහන් කළා. ඇතැම් ළමා නිවාස දරුවන්ට ජීවත්වීමට නුසුදුසු තත්ත්වයේ පවතින බව අනාවරණය වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ එහිදී කියා සිටියා.

ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, පළාත් සභා සහ විවිධ සංවිධාන යටතේ ඇති සියලුම ළමා නිවාස මෙම නියාමයට ඇතුළත් වනවා. ඒ පිළිබඳ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බවත් මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.