Monday, May 20, 2024

General line - 0115112241

විදුලි අර්බුදයට විසදුමක් හිටපු විදුලිබල ඇමතිවරයෙක් පෙන්වා දෙයි




විදුලිය වැඩි වශයෙන් භාවිත කරන ක්ෂේත්‍ර සඳහා බැටරිය සහිත සූර්ය විදුලි පද්ධති මිලදී ගැනීමට පොලී රහිත ණයක් ලබා දිය යුතු බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒ හරහා පවතින විදුලි අර්බුදයටද විසඳුම් ලැබෙන බවයි. 

එම ක්ෂේත්‍රවල පිරිස් සඳහා එලෙස පොලී රහිත ණයක් ලබා දීම ආර්ථික වශයෙන්ද රටට වාසියක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියා.