Monday, May 20, 2024

General line - 0115112241

පොලිස්පති CIDයට

බිමල් ශ්‍යාමන්




ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව  එහි ප්‍රගතිය සොයා බැලීම සඳහා  පොලිස්පති  සි. ඩි. වික්‍රමරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ පොලිස්පතිවරයා විමර්ශන සිදුකරන ජේෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවි   සිදුකරන විමර්ශණවලට අදාළව උපදෙස් ලබා දුන් බවයි.

ඉකුත් 15 වනදා බොරැල්ල පොදු සුසාන භූමියේදී දිනේෂ් ෂාෆ්ටර් සිය මෝටර් රථය තුළ ගෙල සහ දෙඅත් සිරවන ලෙස ගැටගසා තිබුණා. ඉන් අනතුරුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්වුණා.

අදාල අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට ඔහුගේ බිරිඳ, නැන්දණිය ඇතුළු  පුද්ගලයන් 84 දෙනෙකුගෙන්  ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සීසීටීවී කැමරා දර්ශන 60 කට අධික සංඛ්‍යාවක් ද පරීක්ෂාවට ලක්කර තිබෙනවා. ඊට  අමතරව භෞතික හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ද පරීක්ෂණ පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ. අදාළ විමර්ශණ සිදුකරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින්.