Monday, May 20, 2024

General line - 0115112241

විදුලි ඉල්ලුම අඩුයි - බිල වැඩි කරන්න අවශ්‍ය නැහැ - බලශක්ති ප්‍රවීණයෙක් කියයි




ලබන වසර සඳහා ගිගාවොට් 15,700 ක් විදුලිබල ඉල්ලුමක් ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද එම ප්‍රමාණය අවශ්‍ය නොවන බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පවසනවා.

පසුගිය ඔක්තෝම්බර්, නොවැම්බර් හා මෙම මාසයේ විදුලි ඉල්ලුම සියයට 10 කින් අඩුවීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව ලබන වසරේ විදුලි ඉල්ලුම ගිගාවොට් 2,000 ක් පමණ අඩුවනු ඇති බවද බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවා.   

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම රුපියල් බිලියන 180 ක් පමණ අඩුවනු ඇති. එවන් පසුබිමක් තුළද විදුලි බිල සියයට 60 ත් 65 ත් අතර අගයකින් ඉහළ දැමීම අවශ්‍ය නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉකුත්දා ද ප්‍රකාශ කළේ වැඩිවන විදුලි ගාස්තුව ලබන මාසයේ සිට බිල්පතට එක්කරන බවයි.