Sunday, May 12, 2024

General line - 0115112241

රටවල් පහකින් ඉන්දියාවට යන අයට කොවිඩ් පරීක්ෂණ




ආසියානු රටවල් 5ක සිට ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් කොවිඩ් පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය කර තිබෙනවා. එම රටවල් වන්නේ චීනය, ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ තායිලන්තයයි.

අදාළ රටවලින් පැමිණෙන සංචාරකයින් ගුවන් තොටුපළේදී කොවිඩ් පරීක්ෂණවලට ලක් කෙරෙන අතර රටට ඇතුළු වීමට නම් එම පරීක්ෂණ වාර්තා ඍණාත්මක විය යුතු බවටයි ඉන්දීය බලධාරීන් දන්වා ඇත්තේ. 

ඉන්දියාව මේ වන විටත් මුව ආවරණ පැළදීම අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම නිසි සෞඛ්‍ය පුරුදු ද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි බලධාරීන් පෙන්වා දී ඇත්තේ. මෙම සියලු තීරණ වලට හේතුව චීනයේ දැඩි ලෙස හිස ඔසවා ඇති නව කොවිඩ් අර්බුදයයි. 

මේවන විටත් ඉන්දියාවෙන් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 3,400ක් වාර්තා වනවා. එහෙත් රට තුළ කොවිඩ් දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවධානමක් නොමැති බව ඉන්දීය විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා.