Sunday, May 12, 2024

General line - 0115112241

චීන සංචාකයින්ට රටවල් 6ක දොර වැසේ




චීනයේ සංචාරය කර ඇති පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීමේදී කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා. ඒ, චීනයේ හිස ඔසවමින් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන්. මීට පෙර ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාවද චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කළා. 

වසර 3කට ආසන්න කාලයකට පසු චීනය ලබන ජනවාරි 8වනදා සිට සිට ජාතිකයින්ට පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව චීන ජාතිකයින්ට කිසිදු බාධාවකින් තොරව ඕනෑම සංචාරයක නිරත වීමට අවස්ථාන උදාවනු ඇති. 

එමෙන්ම ජනවාරි 8වන දා සිට චීනයට ඇතුළු වන සංචාරකයින්ටද නිරෝධායනට ලක්වීම අනිවාර්ය වන්නේ නැහැ. චීන ජාතිකයින්ට විදෙස් ගමන් බලපත්‍ර යළි ලබා දීමද ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේ වෙතත් චීනයේ මෙම තීරණය ගෙන ඇති සමයේ එරට කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් තිබීම සලකා අමෙරිකාව ඇතුළු රටවල් කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ. 

චීනයෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5,000ක්. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ බෙල්ජියමද පවසා ඇත්තේ චීනයේ සිට පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් නව සීමා පැනවීමට අපේක්ෂා නොකරන බවයි.