Saturday, January 4, 2025

General line - 0115112241

විදුලි බිල වැඩි කළොත් ගත යුතු ක්‍රියාමාර්ග ගැන වෘත්තීය සමිති සාකච්ඡාවක




විදුලි ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති මේ වන විට සාකච්ඡාවක නිරත වනවා.

ලංකා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ අද රාත්‍රියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කළ හොත් හෙට සිට නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි. 

මේ අතර විදුලි ගාස්තු නැවත වැඩි කිරීමට එරෙහිව අත්සන් 69 ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහන අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ අද දිනයේ ස්ථාන 4කදී එම පෙත්සමට අත්සන් ලබා ගන්නා බවයි. 

අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මඟින් මෙම වසරේ විදුලි උත්පාදන වියදමට සරිලන ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල හා බලශක්ති  අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර ප්‍රකාශ කළේ.