Wednesday, May 22, 2024

General line - 0115112241

තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හමුවේ පකිස්තානයේ 1000 ක් මිය යයි




පකිස්ථානයේ ක්‍රියාත්මක Tehreek e Taliban Pakistan (TTP) සන්නද්ධ කණ්ඩායම එල්ල කළ ප්‍රහාර හමුවේ 2022 වසර තුළ පකිස්තාන වැසියන් 1000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම සන්නද්ධ කණ්ඩායම නිකුත් කළ දත්ත වාර්තාවක මේ බව සදහන් බවයි.

ඔවුන් එම ප්‍රහාර එල්ල කර ඇත්තේ පකිස්තාන රජයේ ඉහළ නිළධාරීන් ඉලක්ක කර බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම PPT සන්නද්ධ කණ්ඩායම විසින් පකිස්තානය ඉලක්ක කර බොහෝ ප්‍රහාර එල්ල කර ඇත්තේ Khyber Pakhtunkhwa දිස්ත්‍රික්කය තුළයි.

ඇතැම් ප්‍රහාර එම දිස්ත්‍රික්කයෙන් බාහිර ප්‍රදේශ ඉලක්ක කර එල්ල කළ බව ද PPT සන්නද්ධ කණ්ඩායම සිය දත්ත වාර්තාවල සදහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක PPT පක්ෂය පකිස්ථානයේ ආරක්ෂාව බරපතල තර්ජනයක් බවත්, ඔවුන් පකිස්තානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සදහා ඇෆ්ගන් භූමිය භාවිත කරන බවත් පකිස්තාන රජය අවස්ථා රැසකදී චෝදනා කළා.

ජනයාගේ ආර්ක්ෂාව වෙනුවෙන් ඔවුන්ට එරෙහිව ප්‍රහාර දියත් කළ යුතු බවයි පකිස්තාන රජය සදහන් කර ඇත්තේ.