Tuesday, May 21, 2024

General line - 0115112241

දසුන්ගේ නම වාර්තා පොත් අතරට - දෙවන තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයක්




ඉන්දියාව සමග පැවැත්වෙන 02 වන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කර ගනු ලැබුවා.
  
නායක දසුන් ශානක පන්දු 22ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුවා. දසුන් ශානක පන්දු 20 කදී රැස් කළ මෙම අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වුයේ විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.

මෙයට අමතරව ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් රැස් කරනු ලැබු අතර චරිත් අසලංක ලකුණු 37ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 33ක් රැස් කරනු ලැබුවා.

ලකුණු 207 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දිය පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 190ක් පමණයි.

ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ මේ වන විට දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කර සිටිනවා.