Wednesday, May 22, 2024

General line - 0115112241

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට එල්ල වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයක තොරතුරු අනාවරණ වෙයි




ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට එල්ල වූ සයිබර් ප්‍රහාරයක තොරතුරු මේ වන විට අනාවරණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හැකර්වරුන් කණ්ඩායමක් මිලියන 200 කට අධික ට්විටර් පරිශීලකයන්ගේ විද්‍යුත් ලිපින සොරකම් කර අන්තර්ජාලයේ හැකර් කණ්ඩායම් භාවිත කරන වෙබ් අඩවියක පළකර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අධික විද්‍යුත් ලිපින හැකර්වරුන් සොරකම් කිරීම පිළිබඳ ට්විටර් සමාගමෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. මෙම සිද්ධිය පිළිබඳ ප්‍රථම වතාවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වුණේ ඉකුත් දෙසැම්බර් 24 වැනිදායි.