Tuesday, May 21, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සබඳතා ශක්තිමත් කර ගැනීමට සැරසෙයි




ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ද්විපාර්ශවික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට සූදානම් වනවා.

ඒ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ ඉන්දීය සංචාරයට සමගාමීවයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එළඹෙන මාර්තු මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට සූදානම් වනවා.

ඒ ඉන්දු - ඔස්ට්‍රේලියා ආර්ථික සහයෝගිතා සහ වෙළද ගිවිසුම ඉකුත්දා ක්‍රියාවට නැංවුණු පසුබිමක් තුළයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට හා බලශක්තිය, තාක්ෂණය,ඩිජිටල් වෙළදාම සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශවය සූදානමින් සිටින බවයි ඉන්දියාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Barry O' Farrel පවසා ඇත්තේ.

ඒ අනුව මෙම සංචාරයේදී විශේෂ වෙළඳ නියෝජිත කණ්ඩායමක් ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සමග ඉන්දියාවට පැමිණීමට නියමිත බව මහ කොමසාරිස්වරයා සදහන් කළා.

මෙම සංචාරය ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් බවත්, එය ආර්ථිකය සදහා වාසිදායක අවස්ථා උදා කරනු ඇති බවත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇති බව ද ඉන්දියාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Barry O' Farrel සදහන් කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව ගෝලීය නිපැයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සදහා වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලාපොරොත්තුව යථාර්ථයට සමීප වනු ඇති බව ද මහ කොමසාරිස්වරයා පවසනවා.