Wednesday, May 22, 2024

General line - 0115112241

මැකාතිට අමෙරිකානු කතානායක ධූරය




අමෙරිකානු පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස කෙවින් මැකාති පත් වී තිබෙනවා. ඔහු කතානායක ධූරයට පත් වූයේ ඡන්ද වට 15ක් පැවැත්වීමෙන් අනතුරුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඡන්ද විමසීමේදී කෙවින් මැකාති ඡන්ද 216ක් හිමිකරගෙන තිබෙනවා. ඔහුගේ ප්‍රතිවාදියා වූ ඩෙමොක්‍රොටික් අපේක්ෂ්ක හකීම් ජෙෆ්රීස්ට හිමි කර ගත්තේ ඡන්ද 212ක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පසුගියදා කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට නොහැකිවීම හේතුවෙන්  එරට දේශපාලනය දැඩි අර්බුදයකට මුහුණපා තිබුණා. ඊට හේතුවූයේ අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධූරය සඳහා ඉදිරිපත් වූ කෙවින් මැකාති 06 වන වරටත් පරාජයට පත් වී සිටීම බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.