Wednesday, May 22, 2024

General line - 0115112241

ජගත් සංවිධානයෙන් තලේබාන් පාලනයට දැනුම් දීමක්




අධ්‍යාපනය හැදෑරීමට හා රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් ඇෆ්ගන් කාන්තාවන්ට පනවා ඇති සීමා වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධාන, තලේබාන් සංවිධානයට දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇෆ්ගනිස්තානයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Potzel Markus, තලේබාන් රජයේ අධ්‍යාපන අමාත්‍ය මොහමඩ් නදීම් හමුවී මේ බව දන්වා ඇති බවයි.

ඇෆ්ගනිස්තානය අර්බුදයේ නව කාලපරිච්ඡේදයකට ඇතුළු වෙමින් ඇති බවත්, කාන්තාවන්ට සීමා පැනවීම හරහා ඇෆ්ගනිස්තානයේ සියලු වැසියන්ට හානිදායක ප්‍රථිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් එහිදී ජගත් සංවිධානයේ නියෝජිත්වරයා තලේබාන් පලනයට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තලේබාන් සංවිධානය මේවනවිටත් ඇෆ්ගන් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට සීමා පනවා ඇති අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් වනවා.

එමෙන්ම තලේබාන් සංවිධානය ඉකුත්දා ඇෆ්ගන් කාන්‍තාවන් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළා.

ඒ හමුවේ ඇෆ්ගනිස්තානයට ගලා එන ආධාර සීමා වී ඇති අතර කාන්තාවන්ට රැකියා අහිමිවීමෙන් පවුල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.