Tuesday, May 7, 2024

General line - 0115112241

ඊයේ ලබාදුන් නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් - කාදිනල් හිමිපාණන් කියයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබාදුන් නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නීතිය කඩකරන ඕනෑම අයෙකුට නීතියෙන් ගැලවීමට නොහැකි බව මෙම තීන්දුවෙන් ඔප්පු වූ බවයි කාදිනල් හිමියන් පැවසුවේ. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවන්නේ සත්‍ය සම්පූර්ණයෙන් හෙළිවූ දිනයේදී බව කාදිනල් හිමියන් මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර 75 වන නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් ද කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී අදහස් පළ කළා.

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුලු පස් දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ඔවුන්ට රුපියල් මිලියන 310ක වන්දි ගෙවීමට නියෝග කළා.