අද දිනයේදී නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දීමට නියමිතව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ජයමතුල්ලා උලමා සංවිධානයේ සියවස් සැමරුමට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 11.30ට සිදුකිරීමට නියමිතව ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොන්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චිට මෙලෙස අද දිනයේදී අමාත්‍යධුර හිමිවීමට ඉඩ ඇත.
මේ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයා තමන් දැරූ කෘෂි අමාත්‍ය ධුරය හැර සෙසු අමාත්‍ය ධුරයන් වන වනජීවී සහ වන සම්පත් අමාත්‍යධුරයන් ගෙන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වූවා.