Wednesday, May 15, 2024

General line - 0115112241

අලුත් ගැසට්ටුවකින් බිත්තර මිල 44ට බසී




සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නව මිල ගණන් අද ප්‍රකාශයට පත් කළා. ඒ, බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල.

මීට පෙරද බිත්තර සඳහා මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් පළ කෙරුණද බොහෝ ප්‍රදේශවල එම මිලට බිත්තර අලෙවි වුණේ නැහැ. පසුව එම ගැසට් නිවේදනය අවලංගු කෙරුණා.

ඉන් අනතුරුවයි අද නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ. එවන් පසුබිමක නව ගැසට් නිවේදනයක් නිකුත් කළේ මන්දැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මෙලෙස පැහැදිලි කළා. 

මේ අතර බිත්තර මිල වැඩි වීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේදීද අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර.