Wednesday, May 15, 2024

General line - 0115112241

නීතිය රකින බලධාරීන්ම යට ගැසූ ජාවාරමක් නෙත් බැලුම්ගල අනාවරණයෙන් මතුවෙයි




නීතිය ක්‍රියාත්මක කළ යුතු බලධාරීන් විසින්ම වසන් කළ ජාවාරමක් හෙළි කර එහි වරදකරුවන්ට දඬුවම් ලබාදීමට නෙත් එෆ් එම් බැලුම්ගල සමත්වී තිබෙනවා. ඒ, බැලුම්ගල වැඩසටහන මගින් අනාවරණය කෙරුණු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ගංජා නඩුවේ සිදුවීම පිළිබඳ බලධාරින් දැන් කඩිනම් පියවර ගැනීමත් සමඟයි.

ඒ අනුව චෝදනාවට ලක් වූ වනජීවී නිලධාරීයා මෙන්ම තවත් නිලධාරියෙකුගේ රාජකාරි තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ භාරකරු ද වහාම ක්‍රියාත්මක වන පරිදි කිළිනොච්චියට ස්ථාන මාරු කර වෙනත් නිලධාරියෙකු උද්‍යාන භාරකරු ලෙස පත්කර තිබෙනවා.

මෙම සිද්ධියට මුල්වූයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිදුවූ ගංජා ජාවාරමක්. නීති විරෝධීව ගංජා තොගයක් වනජිවී රථයකින් ප්‍රවාහනය කරන අවස්ථාවේදී සැකකාර වනජීවී නිලධාරීයා යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ලුණුගම්වෙහෙර පොලිසියට භාරදී තිබුණා.

එම පාර්ශ්වයන් එකතුවී වනජීවී නිලධාරීයා වෙනුවට වෙනත් සාමාන්‍ය පුද්ගලයන් හතර දෙනෙකු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ට රුපියල් 10,000 බැගින් දඩ නියමකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.