Tuesday, May 14, 2024

General line - 0115112241

ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු අද සිදු කෙරේ




ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. ඒ, රාජ්‍ය ගෞරව සහිතවයි. කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අවසන් කටයුතු සිදුකිරීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරු 4ට සිදු කරනු ඇති.

සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඉකුත් බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වුණා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඒවනවිට ඇයගේ වයස අවුරුදු 88ක්.

සුමිත්‍රා පීරිස් මහත්මිය, හෙළ සිනමාවේ අද්විතීය නාමයක් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳයි. පළමුව චිත්‍රපට සංස්කරණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයටද පිවිසුණා.

ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, ලොකු දුව, සක්මන් මලුව වැනි චිත්‍රපට රැසක් ඇයගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ චිත්‍රපට අතරට අයත්.