Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවේ විෂ වායුව නිසා ශ්‍රී ලංකාවේ වී වගාවට අලුත් බලපෑමක්




ඉන්දියාවේ සිට ඉකුත් සමයේ හමා ආ විෂ වායුව හේතුවෙන් මෙරට වී වගාවට බලපෑමක් එල්ල වී ඇතැයි බතලේගොඩ වී පර්යේෂණ ආයතනය කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එහි වී වගාව පිළිබඳ ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඉකුත් සමයේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ ගොයම් කහ වීමටද මෙය එක් හේතුවක් වී ඇති බවයි. මෙරට ගොයම් කහ වීමට බලපෑ හේතු කාරණා මොනවාද? 

ඉන්දියාවෙන් හමා ආ විෂ වායුව මෙරට වී වගාවට බලපෑ ආකාරය සම්බන්ධයෙන්ද වී වගාව පිළිබඳ ප්‍රධාන කෘෂි විශේෂඥ රෝහණ තිලකසිරි මෙහිදී අදහස් පළ කළා. 

ඉන්දියාවෙන් හමා ආ විෂ වායුව දින ගණනාවක් මෙරට වායු ගෝලයේ ගුණාත්මක තත්ත්වයට බලපෑමක් එල්ල කළා.