Tuesday, May 14, 2024

General line - 0115112241

පන්විලදීත් බස් රථයක් පෙරළෙයි




පන්විල මඩොල්කැලේ සිට උණනගල දක්වා වූ මාර්ගයේ ඩී ජී එම් වතු බංගලාව ආසන්නයේදීද බස් රථයක් පෙරළී තිබෙනවා. රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ 28 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ 20 දෙනෙකු මඩොල්කැලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම පිරිසෙන් එක් පුද්ගලයෙකු හා කාන්තාවන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරුකර තිබෙනවා. පන්විල ප්‍රදේශයේ ඇගලුම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.