Tuesday, May 14, 2024

General line - 0115112241

පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම අවසන් - විරෝධතා දැක්වීමට පැය එක හමාරක්

ජූඩ් සමන්ත / කමල් සුරවීර / ටී. කේ මහින්ද




පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12න් අවසන් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පස්වරු 1යි 30 දක්වා පැයයි මිනිත්තු 30ක කාලයක් විරෝධතා දැක්වීමට අවස්ථාව ලබා දෙන බවද එම කොමිෂන් සභාව පැවසුවා. ඉන් අනතුරුව කොමිසමේ සාමාජිකයින් රැස් වී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු නෙත්නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ අද දිනයේද නාම යෝජනා භාර දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර දීම පිළිබඳව සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

පිළිගත් දේශපාලන පක්ෂ 07 ක් හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අද දිනයේද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී. කේ මහින්ද පැවසුවේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම ආරම්භ වූයේ පසුගිය 18වනදායි. එම ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 4වනදා සිට ඊයේ මධ්‍යහ්න 12 දක්වා සිදුවුණා.