Tuesday, May 14, 2024

General line - 0115112241

අඩු කළ මිලට බිත්තර දෙන්න සතියක් කල් ඉල්ලයි




තවත් සතියකින් පසු නව මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිීරීමට වෙළෙදුන්ට සහන කාලයක් ලබා දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ආර් එම් සරත් රත්නායක පැවසුවේ වෙළෙදුන් සතුව පවතින බිත්තර නව මිල ගණන් යටතේ අලෙවි කිරීමෙන් ඔවුන්ට මහත් පාඩුවක් සිදුවන බවයි.

ඒ අනුව ගොවිපළ වලින් වෙළෙදුන් ලබා ගත් බිත්තර පැරණි මිල ගණන් යටතේ අලෙවි කිරීමට අවස්ථාව ලබා දෙන ලෙයසි ඔහු ඉල්ලා සිටියේ. 

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදිකයින්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නව මිල ගණන් ප්‍රකාශ කළේ ඊයේ දිනයේදීයි.

ඒ, බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද  පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ ප්‍රකාශ කළා.