Wednesday, May 15, 2024

General line - 0115112241

දකුණේ නාම යෝජනා 10ක් ප්‍රතික්ෂේප වේ

ටී කේ මහින්ද / සනත් ගමගේ / ජූඩ් සමන්ත / රවීන්ද්‍ර චන්ද්‍රලාල්




පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට දිනය දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12න් අවසන් වුණා. ඉන් අනතුරුව පස්වරු 1යි 30 දක්වා විරෝධතා දැක්වීමට අවස්ථාව ලබාදුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා 6ක් ප්‍රතික්ෂේප වූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

මාතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 2ක්ද ප්‍රතික්ෂේප වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ. 

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී සුමනසේකර පවසනවා.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාව සඳහා ජන සෙත පෙරමුණ ලබා දුන් නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රයක් එලෙස ප්‍රතික්ෂේප වූ බවයි තේරීම්භාර නිලධාරියා පැවසුවේ.

පිළිගත් දේශපාලන පක්ෂ 71 ක් සහ ස්වාධීන කණ්ඩායම් 14  ක් සමඟ කණ්ඩායම් 85 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ තොරතුරු සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත.

මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් අද දිනයේද අදහස් පළ කළා. පළාත් පාලන මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමිකර ගන්නා බවයි එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. 

පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරඟවදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවා.

මේ, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  කබීර් හෂීම්. 

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ගාල්ලේදී මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවට සිදු කරන ප්‍රකාශවලට නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ඡන්න ජයසුමන දැක්වූයේ මෙවන් අදහසක්.

මේ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පැවසුවේ.