Tuesday, May 14, 2024

General line - 0115112241

උසස් පෙළ සිසුන්ට බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම්




හෙටින් ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ පැවසුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක සිසු සැරිය බස් සේවාවට අමතරව අවශ්‍ය ප්‍රමාණයට බස්රථ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද එකග වී ඇති බවයි. 

සිසු සැරිය බස්රථ සඳහා QR කේතයට අමතරව තවත් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණයන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා සැපයීමට ද කටයුතු සූදානම් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ පැවසුවේ.