Thursday, April 18, 2024

General line - 0115112241

බ්‍රසීලයේ හමුදාපති ධූරයෙන් පහ කෙරේ




බ්‍රසීලයේ හමුදාපති ජූලියෝ සීසර් ඩි අරූඩා එම ධූරයෙන් පහ කර තිබෙනවා. ඒ, ජනාධිපති ලූලා ද සිල්වා විසින්. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉකුත් දා බ්‍රසිලයේ පැවැති මහජන විරෝධතාවල ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිවරයා විසින් හමුදාපතිවරයාව ධූරයෙන් පහ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි. 

ඉකුත් දා පැවැති මහජන විරෝධතා හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝගේ ආධාරකරුවන් විසින් සංවිධාන කර තිබූ අතර ඔවුන් බ්‍රසීලයේ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී හානි කර තිබුණා.

වත්මන් හමුදාපතිවරයා පත් කරන ලද්දේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ විසින්. ඒ, ඔහුගේ ධූර කාලය අවසන් වීමට දින 02 කට පෙර ඉකුත් දෙසැම්බර් 30 වනදායි. අනතුරුව වත්මන් ජනාධිපති ලූලා ද සිල්වාගේ පරිපාලනය විසින් ද එම පත්වීම අනුමත කර තිබුණා.

කෙසේවෙතත් යුද හමුදාපතිවරයා එම ධූරයෙන් පහ කිරීමෙන් අනතුරුව එරට හමුදාවේ අණදෙන නිලධාරියෙකු නව හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.