Tuesday, May 14, 2024

General line - 0115112241

හෙටත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්




හෙට දිනයේ ද පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව පස්වරු 03 සිට පස්වරු 06 දක්වා කාලය තුළ පැයක් සහ පස්වරු 06 සිට රාත්‍රී 10 යි 30 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි අවසර හිමිව ඇත්තේ.

කෙසේවතෙත් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ උස්ස පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07 න් පසුව විදුලි කප්පාදුව සිදුනොවන බවයි.