Tuesday, May 14, 2024

General line - 0115112241

නානුඔය අනතුරට සම්බන්ධ බස්රථ රියදුරා රිමාන්ඩ්

රංජිත් රාජපක්ෂ




පුද්ගලයින් 07 දෙනෙකුට මරු කැඳවමින් නානුඔය, රදැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට සම්බන්ධ බස්රථයේ රියදුරා පෙබරවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එලෙස රක්ෂිත බන්ධානගාර ගත කර ඇත්තේ හොරණ, කුඩාඋඳුව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්. අනතුරින් තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඔහුගේ තත්ත්වය සොයා බැලීමට එහි ගිය නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.