Thursday, April 25, 2024

General line - 0115112241

පාකිස්ථානයේම විදුලිය බිඳ වැටෙයි




පකිස්තානය පුරා අද උදෑසන විදුලි සැපයුම බිද වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ එරට ජාතික විදුලි සැපයුම් ජාලයේ බිද වැටීමක් හේතුවෙන් එලෙස පකිස්තානය පුරා විදුලි සැපයුම බිද වැටී ඇති බවයි.

විදුලි සැපයුම බිදවැටීම හේතුවෙන් කරච්චි ඉස්ලාමාබාද් ලාහෝර් සහ පෙශාවෝර් වැනි නගරවල මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මේවනවිට විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කරමින් සිටින බවයි පකිස්ථානයේ බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ.

උප පොළවල්වලින් විදුලිය ලබාදීම මේවනවිටත් ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශය ප්‍රකාශ කළා. ජාතික විදුලි සැපයුම කඩිනමින් යථාතත්ත්වයට පත් කරන බවත් එය දැඩි අර්බුදයක් නොවන බවත් පකිස්ථානයේ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් පකිස්ථානයේ ජාතික විදුලි සැපයුම එලෙස බිද වැටී ඇත්තේ බලශක්ති අර්බුදය හේතුවෙන් එරට ප්‍රදේශ රැසක විදුලි කප්පාදුවක් සිදුවන පසුබිමක් තුළයි.