Wednesday, May 15, 2024

General line - 0115112241

පක්ෂ ලේකම්වරුන් අද මැතිවරණ කොමිසම හමුවට




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා නාමයෝජනා ලබාදුන් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 10 ට එම සාකච්ඡාව සදහා සහභාගි වන ලෙසයි මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු පිළිබද මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය පැහැදිලිව දැන ගැනීම සදහා එම සාකච්ඡාවට සිය පක්‍ෂයේ නියෝජිතයින් සහභාගි වන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ. 

නිදහස් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පැවසුවේ සිය පක්‍ෂයද එම සාකච්ඡාවට එක් වන බවයි.

මේ අතර මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ මධ්‍යම රාත්‍රි 12 න් අවසන් වුණා. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ වුණේ ඉකුත් 05 වනදා සිටයි.