Wednesday, May 15, 2024

General line - 0115112241

මහජන උපයෝගීතා කොමිසමට තර්ජනය කිරීමේ චෝදනා මත වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට




විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ එම කොමිසමේ සාමාජිකයන්ගේ රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා යටතේ ඊයේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ විසින් ඉකුත් 20 වනදා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු බව ද පොලීසිය මීට පෙර සඳහන් කළා.