Tuesday, May 14, 2024

General line - 0115112241

මහ කන්නයේ වී මිලදී ගන්නා ආකාරය ගැන රජය කියයි 




මෙවර මහ කන්නයේදී වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පැවසුවේ ඊට අමතරව අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් නොමිලේ ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ තවත් සහල් මෙට්ට්‍රික් ටොන් 60,000 කට වැඩි ප්‍රමාණයක් රජය මගින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි. 

ගොවීන්ට ලබාදුන් කාබනික පොහොර හේතුවෙන් වී වගාවට යම් හානියක් සිදුව ඇත්නම් එම ගොවීන් සඳහා වන්දියක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගනු ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.