Tuesday, May 14, 2024

General line - 0115112241

අධිකරණයට අපහාස කළාට අජිත් ප්‍රසන්නට වසර 04ක සිර දඬුවමක්




අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කළා.

ඊට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ වුවොත් අමතරව මාස හයක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

සාමාජික විනිසුරු ගාමිණී අමරසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ තමන් ද අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවයි.

ඒ අනුව තමා ඔහුට මාස 30 ක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ 3 ක දඩයක් නියම කරන බවත් එම දඩ මුදල ගෙවීම පැහැර හැරියොත් අමතරව මාස 6ක සිර දඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා සදහන් කළා.

2020 වසරේ ජනවාරි මස 19 වනදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට අජිත් ප්‍රසන්නට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.