Wednesday, May 15, 2024

General line - 0115112241

වී වගාවේ පැතිර යන රෝගය සෙසු බෝගවලට ව්‍යාප්තවීමේ අවදානමක් නැහැ - කෘෂි විශේෂඥයෙක් කියයි




වී වගාව තුළ මේවනවිට පැතිර යන කොළ කහ පැහැ ගැන්වීමේ රෝගය අනෙකුත් බෝග වගාවන්ට පැතිර යාමේ අවදානමක් නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසනවා.  

ඔහු පෙන්වා දෙන්නේ වී වගාවට යෙදූ තරම් කාබනික පොහොර අනෙකුත් වගාවන්ට නොයෙදීම හේතුවෙන් එවැනි අවදානමක් මතු නොවන බවයි. 

අපහසුතා මධ්‍යයේ වුවද පසුගිය කාලසීමාවේදී එළවළු වගාවන් සඳහා රසායනික පොහොර සුළු වශයෙන් හෝ භාවිත කළ බැවින් එම බෝග වගාවන්වල වී වගාවේ මෙන් පෝෂණ ඌණතාවයන් දක්නට නොලැබෙන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මෙහිදී සඳහන් කළා.