Tuesday, May 14, 2024

General line - 0115112241

විදුලි ගාස්තු යළි වැඩිකිරීමේ යෝජනාව ගැන උපයෝගීතා කොමිසම නීතිමය මතය විමසයි




ලංකා විදුලිබල මණ්ඩලය හා එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය,  විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලය සමඟ මෙම කටයුත්ත සිදු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම  නියම කර ඇති බවයි.

මහජන උපයෝගීතා කොමිසම යනු ස්වාධීන කොමිසමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙවැනි නියෝග නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවත් පෙන්වා දෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත නිකුත් කර තිබෙන නියෝග සියල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර පවතින විදුලි අර්බුදය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස පිළිතුරු ලබා දුන්නා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන.