Friday, April 19, 2024

General line - 0115112241

මතභේදාත්මක යුද ටැංකි ගනුදෙනුවක් නිසා ජර්මනිය අර්බුදයක




ජර්මනියේ නිපදවූ මතභේදාත්මක ලෙපර්ඩ් ටූ වර්ගයේ යුද ටැංකි යුක්රේනයට ලබාදීම සඳහා පෝලන්තය නිල වශයෙන් ජර්මනියෙන් අවසර ඉල්ලා තිබෙනවා.

එම වර්ගයේ යුද ටැංකි 14 ක් යුක්රේනයට ලබාදීමට අවසර ඉල්ලා පෝලන්තයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූ බව ජර්මනිය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහෙත් ඒ සම්බන්ධයෙන් ජර්මනිය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය චාන්සලර් ඔලාෆ් ශෝල්ස් විසින් ගනු ඇති බව ද ජර්මනිය පවසා ඇතැයි සඳහන්. 
යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් රුසියාව භාවිත කළ ටී 90 වර්ගයේ යුද ටැංකිවලට එරෙහිව සාර්ථකව ප්‍රතිප්‍රහාර දියත් කිරීම සඳහා සුදුසුම යුද ටැංකි වර්ගයක් ලෙයසි ජර්මනියේ ලෙපර්ඩ් ටූ වර්ගයේ යුද ටැංකි සැලකෙන්නේ.

ඒ අනුව රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා එම යුද ටැංකි ලබාදෙන්නැයි යුක්රේනය ද දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙනවා. එවැනි යුද ටැංකි පෝලන්තය සතු වුවද ඒවා යුක්රේනයට ලබාදීමට ජර්මනයේ අවසරය හිමිවිය යුතු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම යුද ටැංකි යුක්රේනයට ලබාදීම සඳහා අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් එකගතාව පළ කර ඇති අතර එම සන්ධානයට එක්වන්නැයි පෝලන්තය ජර්මනියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහෙත් ජර්මනිය තවමත් අවසර ලබාදී ඇත්තේ ලෙපර්ඩ් ටූ යුද ටැංකි භාවිතය සම්බන්ධයෙන් යුක්රේන හමුදාව පුහුණු කිරීමට පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.