Saturday, April 20, 2024

General line - 0115112241

තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් සමඟ පුද්ගලයෙකු මුලතිව් ප්‍රදේශයේදී STF අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව




තල්මසුන්ගෙන් ලබාගන්නා අම්බර් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 850 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මුලතිව්, කෝකිලායි, ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

කෝකිලායි ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා අම්බර් තොගය මුලතිව් වනජිවි දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.