Friday, April 26, 2024

General line - 0115112241

ජනපති ගෙන් එජාපයට දැනුම් දීමක්




ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ජේ්‍යෂ්ඨයින්ට දැනුම්දී තිබෙනවා.

පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ ඡන්ද විමසීමට අදාළ කටයුතු සිදුකරගෙන යන ලෙස ජනාධිපතිවරයා පක්ෂයේ ජේ්‍යෂ්ඨයින්ට දැනුම්දුන් බවයි. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් ලබාදී තිබෙනවා.  

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ජාතික ජනබලවේගය සංවිධාන කරන ජන රැළි මාලාව අදින් ආරම්භ වනවා. ඒ අනුව පළමු ජන රැළිය පස්වරු 03 ට අනුරාධපුර, කඩපනහ ප්‍රදේශයේදී ආරම්භ වන බවයි ජාතික ජන බලවේගය පැවසුවේ.