Sunday, May 12, 2024

General line - 0115112241

රුසියාවට පහර දෙන්න අමෙරිකානු යුධ ටැංකි යුක්‍රේනයට




රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනයට සහය වීම සඳහා යුධ ටැංකි 31ක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ, ජර්මනියද යුක්‍රේනයට යුධ ටැංකි ලබාදෙන බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුවයි.

ජර්මනිය ප්‍රකාශ කළේ යුධ ටැංකි 14ක් යුක්‍රේනයට ලබා දීමට කටයුතු කරන බවයි. මෙලෙස යුක්‍රේනයට ලබා දීමට සූදානම් වන්නේ අමෙරිකාව සතු ප්‍රබලතම යුද ටැංකි 31ක්. මෙම එක් යුද ටැංකියක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 400ක්. ඒවා ලොව මේවනවිට පවතින නවීනතම යුද ටැංකි වනවා.

දින කිහිපයක් තුළ අවසන් කරන බවට රුසියාව පැවසූ යුක්‍රේන ආක්‍රමණය මේ දක්වාද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ, වසරකට ආසන්න කාලයක් තිස්සේයි. රුසියාව යළිත් වරක් සිය යුද මෙහෙයුම් දැඩි කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුවයි යුක්‍රේනයට සහය වීම සඳහා යුද ටැංකි ලබා දීමට අමෙරිකාව සහ ජර්මනිය මේවනවිට තීරණය කර ඇත්තේ.