Tuesday, May 14, 2024

General line - 0115112241

ශිෂ්‍යත්වයට පෙනී සිටි දරුවන්ගේ මව්පියන්ට විශේෂ දැනුම්දීමක්




මේවනවිට වැඩිම දෙනා කතාබහට ලක් කරන මාතෘකාවක් වී ඇත්තේ 2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයි. විභාගයට මුහුණ දුන් පිරිසක් ඉන් ජය ලබද්දී තවත් පිරිසකට කඩයිම් ලකුණු සීමාව පසුකර යාමට හැකි වී නැහැ.

ශිෂ්‍යත්වය යනු දරුවන්ටත් වඩා මව්පියන්ගේ විභාගයක් ලෙසටයි සමාජයේ බොහෝ දෙනෙකු හඳුන්වන්නේ. එසේනම් ශිෂ්‍යත්ව විභාගයේ ලද ප්‍රතිඵල බුක්ති විදිය යුත්තේ කෙසේද? මේ, ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන්. 

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු සීමාව පසුකර යාමට නොහැකි වූ දරුවන්ට හා ඔවුන්ගේ මව්පියන්ටද මෙහිදී විශේෂ පණිවිඩයක් ලබා දුන්නා. 

2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු අතර එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණුද මේවනවිට නිකුත් කර තිබෙනවා. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරය nethnews.lk අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.