Tuesday, May 14, 2024

General line - 0115112241

විදෙස් ප්‍රේෂණ ලැබීම ඉහල මට්ටමක - මහ බැංකුව කියයි




විදේශ ප්‍රේෂණ ලැබීම් ඉහළ මට්ටමකට පැමිණෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය පවසනවා. ඔහු කියා සිටියේ අපනයන ඉපයීම් ඉහළ යාම හමුවේ විදේශ අංශයද ශක්තිමත් වී ඇති බවයි.  

ණය පොලී අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය එල්.ආර්.සී. පත්බේරිය මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා. 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ පොලි අනුපාත පහළ දැමීමට නම් උද්ධමනය පහළ යා යුතු බවයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය, 2022 නොවැම්බර් මාසයේ පැවති සියයට 65 මට්ටමේ සිට 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 59යි දශම 2ක් දක්වා තවදුරටත් පහළ ගියා.