Tuesday, May 14, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය ඩයනාට එරෙහි නඩුව කල් යයි




රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද ඇයට කල් ලබා දී තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ ඇය බි්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තෙක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිමය හිමිකමක් නොමැති බවයි. එමනිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම පෙත්සම අද කැඳවනු ලැබීමෙන් පසු ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීම් කළේ ලේඛන කීපයක් ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි. විනිසුරු මඩුල්ල ඒ සඳහා පෙබරවාරි මස 17 තෙක් කල් ලබා දුන්නා.